(නාලක ජේ හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන)
රුපියල් 5000 ක දීමනාව නොදුන්නැයි පවසමින් සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකුට පහර දුන් පුද්ගලයෙකු රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (13) නියෝග කළේය.
බලන්ගොඩ ඉඹුල්පේ හල්පේ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මුදා හරින ලදී.
ඊයේ (12) මොහු විසින් සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාට පහරදී ඇත.
පහර කෑමට ලක් වූ සමෘද්ධි සංවර්ධන නිධාරීවරයා සහ පහර දුන් පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ දී සමතයකට පත්වීම හේතුවෙන් මෙලෙස ශරීර ඇපයක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.